![]() |
DPMC Assetline Holdings (Private) Limited
Assetline Leasing Company Limited
Assetline Insurance Brokers (Private) Limited
Assetline Capital (Pvt) Limited
Assetline Corporate Services (Pvt) Limited
|
|
අයදුම් කිරීමේ ක්‍රමවේදය
හිතවත් ගනුදෙනුකරුවනි,
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 අංක 01 චක්‍රලේඛයට අනුව ණය සහන කාලයක් ලබා ගැනීමට අදහස් කරන අය පහත පියවර අනුගමනය කරන්න.
අයදුම්පත මෙතනින් බාගත කරගන්න.
Application |
|
Download |
ඔබට කැමති භාෂාවකින් අයදුම්පත සම්පූර්ණ කරන්න. ඔබට අයදුම්පත බාගත කිරීමට අපහසුනම් ඕනෑම ඇසට්ලයින් ශාඛාවකි වෙත පැමිණි එය ලබා ගත හැකිය.
අයදුම්පත/අයදුම්පත්වල මුද්‍රිත පිටපතක් ලබාගෙන ඉල්ලා ඇති තොරතුරු ඇතුළත් වන අයුරින් එය පුරවන්න. (අයදුම්පත පිරවීමේදී තොරතුරු ටයිප් කිරීම හෝ පැහැදිලි අත් අකුරින් ලිවිය යුතුය. අදාළ ස්ථානයේ බලයලත් අත්සන් යොදන්න.
නියමාකාරයෙන් සම්පූර්ණ කරන ලද අයදුම්පත/අයදුම්පත්වල ස්කෑන් පිටපතත් හෝ ඡායාරූපයක් ගෙන පහත සදහන් ක්‍රමවලින් ඔබට වඩාත් පහසු ක්‍රමයක් භාවිත කර 2022 අගෝස්තු 15 වන දින හෝ ඊට පෙර අප වෙත යොමු කරන්න.
(පහසුකම් කිහිපයක් ලබා ගෙන ඇති ගනුදෙනුකරුවන් අයදුම්පත් වෙන වෙනම ඉදිරිපත් කරන්න)
Email: |
info@assetline.lk |
WhatsApp: |
0770 859 875 |
ඊ මේල් හරහා අයදුම්පත යොමු කරන්නේ නම් ඔබගේ “කල්බදු/ණය ගිවිසුමේ අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය සහ අදාළ ශාඛාව” ඊ මේල් මාතෘකාව ලෙසද, WhatsApp හරහා එවන්නේනම් පණිවිඩයක් ලෙසද සදහන් කළ යුතුය.
ඉහත ක්‍රමවලට අමතරව, නියමාකාරයෙන් සම්පූර්ණ කරන ලද අයදුම්පත/අයදුම්පත් ළගම ඇති ඇසට්ලයින් ශාඛාවට බාර දිය හැකිය.
(අත් අකුරෙන් ලියා නියමාකාරයෙන් පුරවන ලද අයදුම්පත්ද බාර ගනු ලැබේ)
ඉහත උපදෙස් අනුව නියමාකාරයෙන් පුරවන ලද සහ අත්සන් කරන ලද අයදුම්පත් පමණක් සැළකිල්ලට ගනු ලැබේ. අයදුම්පත ලැබුණු දින සිට උපරිම දින 03ක් ඇතුළත එය ලැබුණු බවට ඔබට දැනුම් දෙන අතර අයදුම්පත පරීක්ෂා කෙරෙන කාලය තුළ නැවත අයකර ගැනීමේ කටයුතු ක්‍රියාත්මක නොවේ.
Select your prefered language
පාරිභෝගික සම්බන්ධතා මධ්‍යස්ථානය |
011 4 700 100 |
ශාඛාව / අප හා |
|
View |
ශ්ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 අංක 01 චක්‍රලේඛය